Friday, January 13, 2017

නොන්ඩි ඔටුවෙක්

වාල්කේ ඔරු වොට්ටගොම් නොන්ඩි වොට්ටගොම් (ජීවිතේ එක ඔටුවෙක්, නොන්ඩි ඔටුවෙක්)
වේලේ තර චක්කරෝ - රෙන්ඩ චක්කරෝ ( රස්සාවක් දෙන ලියුම් (චක්‍රලේඛන) - ලියුම් දෙක )



මේ හරි තේරුමක් නැති සිංදුවෙන්ම කතාව පටන්ගන්න පුළුවන්. අනිව මේ සිංදුව බලන්න. පොඩි රහක් තියෙයි.


කතාව පටන්ගන්න වෙන්නේ රාජ්කුමාර් හිරුණි නිෂ්පාදනය කරපු ඉරුදි සුත්තු චිත්‍රපටියෙන්. රිතිකා කොඩිතුවක්කු නෙවෙයි රිතිකා සිං මුණගැහෙන්න පුලුවන් එතැනින්. ක්‍රීඩාව ගැන බොලිවුඩ් සිනමාව උනන්දු වෙද්දි ඉරුඩි සුත්තු කියන්නෙත් ඒ වර්ගෙම සුපිරි චිත්‍රපටියක්. මාළු විකුණන චණ්ඩි කෙල්ලෙක්ව (රිතිකා සිංව) ජාතික තලයේ බොක්සින් ක්‍රීඩිකාවක් දක්වා ගෙන ඒම ගැන කතාවක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. මේ ෆිල්ම් එක ගැන වෙනම ලිවිය යුතුයි. බ්‍රේක් නැති, බය නැති කෙල්ලෙක්ව මවන්න රිතිකා සමත් වෙනවා. ඇගේ ඇක්ටින් විශිෂ්ඨයි. ඉතින් මගේ ප්‍රියතම නිළිය බවට ඇය පත්වුණා. ඉන්ඩියන් නැෂනල් ෆිල්ම් අවෝඩ් වල ජූරියේ විශේෂ සහතිකයක් ඇයට හිමිවුණා. ඇගේ චිත්‍රපටි දෙකම අයත් වෙන්නේ මේ අවුරුද්දේ පැවැත්වෙන සම්මාන උළෙලවල් වලදී නිසා ඇතැම්විට ඇයට සම්මානයක් වුණත් ලැබේවි.





මේ කතාකරන්න යන ආන්ඩවන් කට්ටලෙයි චිත්‍රපටියෙත් මට අනුව 2016 අවුරුද්දේ ටැමිල් සිනමාව තුළ හොඳම සොයාගැනීමක් වෙච්චි රිතිකා ඉන්නවා.

දෙමළ සිනමාවෙ නව රැල්ල ගැන වෙනම කතාකළ යුතුයි. දෙමළ සිනමාවෙ විචාරක අවධානය කලින් දිනාගත්තෙ අන්බේ සිවම්, පිදාගමන් වගේ ෆිල්ම් ලයින් එක. ඊළඟට දෙමළ ගැමි ලයිෆ් එක ටච් කරන ෆිල්ම්. ඒවායේ සෑහෙන බර කතාවකුයි කටුක ඇත්තකුයි තියෙනවා. අනික ගොඩක් චිත්‍රපටි ඛේදාන්ත. සෑහෙන ෆීල් වෙන, ජනප්‍රිය කතාවකුත් තියෙන කතා. ඒවා ගෝල්ඩ් තමා.

හැබැයි නව රැල්ල කියලා මං කීවේ මේ ලයින් එක වෙනුවට වෙනස් තැනක් ටච් කරපු ෆිල්ම් වලට. මෑත කාලේ චිත්‍රපටිකාරයො කිහිපදෙනෙක්ම මේ නව ලයින් එක ටච් කළා. අපි හිතමු ස්ත්‍රීවාදය පදනම් කරගත්ත නිර්මාණ කෙරෙනවා කියලා. මේ රැල්ලෙන් ටච් කරනවා ෆුල් ස්ත්‍රී විරෝධී නිර්මාණ. කටුක ඇත්ත වෙනුවට මේ ෆිල්ම් ඇතුලෙ අපූරු ප්‍රබන්ධයක් නිර්මාණය කරනවා. සූඩු කැවුම් වගේ ෆිල්ම් එකක් ඇතුලෙ මෙහෙම ප්‍රබන්ධයක් තියෙනවා. මේ ගැන ටිකක් පුළුල්ව කතා කරන්න ඕන. අනික ෆිල්ම් තොගයක් සහ ඉන්ටවීව් තොගයක් කියවන්න ඕන. ඒ නිසා නවරැල්ල ගැන කතාකිරිල්ල ඉස්සරහට තියන්න පුළුවන්.

මං ආසම නව රැල්ල එක්ක ඉන්න නළුවො සෙට් එක. අපි තාම ඒ අය අතරින් අල්ලගෙන තියෙන්නෙ විජේ සේදුපතියි තව දෙතුන්දෙනෙකුයි විතරයි. මේ නළුවන්ගෙ විශේෂත්වය උන් සිනමාවට කිසිසේත් සුදුසු නොවීම. අපි හිතමු නව රැල්ලට කලින් පිදමගන් චිත්‍රපටියෙන් සිනමාවට ආපු රාජේන්ද්‍රන්ගෙ පෙනුම. වොයිස් එක. මේ වගේ අවුට් නළුවො තොගයක් මේ නව රැල්ල එක්ක ඉන්නවා. ඇත්තටම විජේ සේදුපති කියන අවුට් හීරෝ කැරැක්ටර් එකට අමතරව බොබී සිම්හා, අශෝක්, කරුණාකරන් වගේ නලුවො මේ ලයින් එකේ සුවිශේෂීයි.

මොට්ට රාජේන්ද්‍රන්

අපි කතාකරන ෆිල්ම් එක හැදුවෙ වෙට්ට්‍රිමාරන් සහ ධනුෂ් එක්ක එකතුවෙලා නැෂනල් ෆිල්ම් අවෝඩ් දින්න කාක මුට්ටෙ හදපු එම් මනිකන්ඩන් කියන ඔය නව රැල්ලටම අයිති නිර්මාණකාරයා. මේ වගේ මරු අධ්‍යක්ෂවරුන් සෙට් එකක් මේ රැල්ල එක්ක ඉන්නවා.

ආන්ඩවන් කට්ටලෙයි මම කලින් ලිව්ව ගිය අවුරුද්දේ හොඳම ෆිල්ම් දහය ඇතුලට එකතුකළේ නැහැ. ඒ වෙද්දී මේක බලලා තිබුණේ නැහැ.

ආන්ඩවන් කට්ටලෙයි කියන්නේ ගමක ඉපදුණු දෙන්නෙක් හොරෙන් ලන්ඩන් යන්න ගන්නා උත්සාහයක් ගැන. මේ අය සංචාරක වීසා වලින් ලන්ඩන් ගිහින් ලියකියවිලි විනාශ කරලා ලංකාවෙන් ආපු සරණාගත දෙමළ අය කියලා බොරු කරන්නයි ප්ලෑන් කරන්නේ. මේ දෙන්නාට උදව් කරන්නේ ඇත්තටම ලංකාවෙන් ඇවිත් ඉන්දියාවේ නතර වුණු දෙමළ කෙනෙක්.

විජේ සේදුපති තමයි ගාන්ධි. ගාන්ධි කියන්නේ සත්‍ය යේ සංකේතය. හැබැයි මිනිහා බොරු කියන්න සූදානම් වෙනවා. හැබැයි වීසා ඇප්ලයි කරලා ඉන්ටවීව් එකේදී බොරු තොගයක් කියන ඔහු කියන එකම ඇත්තක් නිසා වීසා අහිමි වෙනවා. යාළුවා බොරු විතරක් කියලා ලන්ඩන් යනවා.

ඉන්දියාවේ නවතින සේදුපති නගරයේ රස්සාවක් හොයාගන්නවා. ඔහු ඇත්තම කියනවා. ඔහු වීසා කාර්යාලයට කරපු බොරුවක් නිවැරදි කරගන්න රිතිකාගෙන් උදව් ඉල්ලනවා. 

කතාව ඉතා රසවත් කතාවක්. කෙටි මාර්ගවලින් විදේශගත වෙන්නට යන තාරුණ්‍යය මුහුණදෙන ඛේදවාචකය කාටවත් රිදෙන්නේ නැති කතාවකින් ගේනවා.

ලංකාවෙන් ඉන්දියාවට ගිය සරණාගතයෙකුගේ චරිතයක් කරන සිවඥානම් අරවින්දන් මතක තබාගන්න වටිනා චරිතයක් කරනවා.

බලන්නම වෙනවා.

12 comments:

  1. nondi කියන්නේ ඇත්තටම දෙමලෙන් ආපු වචනයක්ද? සින්දුව ලස්සනයි.
    //. මේ අය සංචාරක වීසා වලින් ලන්ඩන් ගිහින් ලියකියවිලි විනාශ කරලා ලංකාවෙන් ආපු සරණාගත දෙමළ අය කියලා බොරු කරන්නයි ප්ලෑන් කරන්නේ. // මේක සාමාන්‍යයෙන් දෙමල අය (තමිල්නාඩුවේ) කරන දෙයක්. මෙහෙ හෝම් ඔෆිස් එක දන්නවා. . මට වරක් එහෙම එකෙක් කියපු කතාවක්. දෙමල මනුස්සයගෙන් (තමිල්නාඩු) ලංකාවේ කොහෙද ලංකාවේ හිටියේ කියල කොළඹ කිව්වලු. කොළඹ කොහෙද තියෙන්නේ කියල ඇහුවලු . (පළාත). කැන්ඩි වල කිව්වලු.

    ReplyDelete
  2. මේ බ්ලොග් එක කියවන්න ආස හිතුන එක හේතුවක් “දමිළ චිත්‍රපටි“ .
    උඩින් යන්න දෙන ෆයිට් වලට අකැමැති උනාට. ඉන් එහා ගිය මේක් අප් අඩු නළු නිළියන් ඉන්න කතා මරු.
    මම වැඩියෙන්ම ආස වුනේ "24" , "I" වගේ චිත්‍රපටි සහ ධනුෂ් ගෙ හැම චිත්‍රපටයක්ටම. ආසම නළුවා වුනේ සූර්යා,ධනුෂ්, අජිත්,වගේ අය.
    අදටත් වැඩියම කැමති දෙමළ චිත්‍රපටි වලට.

    ඒ හැරුනම කාලයක් ඉදල කියන්න ඉන්න දේකුත් මේ එක්කම ලියල යන්නම්.

    ෆේස් බුකියෙ උඩුවගේ ප්‍රොපයිල් පික්චරේ දැකපු මුල් කාලයේ මගෙ මතකට ආවේ “දමිළ නළුවෙක් “

    ReplyDelete
  3. සිංදුව ලස්සණයි. ටැමිල් ඒවනං බලනවා අඩුයි හොඳම එකක් කියල හිතුනොත් (IMDB රේටින් එහෙම බලල)බලනවා. කාක මුට්ටෙයි, ඉරුදි සුත්තු දෙකනං බැලුවා. ඉරුදි සුත්තු එකේ රිතිකාගෙ රංගනය විශිෂ්ඨයි (මාධවන්ව අවතක්සේරු කලා නෙමෙයි). ඒ ෆිල්ම් දෙක අතරින් මගේ හිතට වැඩියෙන්ම දැනිච්ච ෆිල්ම් එක තමයි කාක මුට්ටෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේ ෆිල්ම් එක බලන්න වටිනව.අයිඑම්ඩීබී වලට අහුවෙන්න එපා

      Delete
    2. එහෙනං ඔන්න ඒක මගේ ෆිල්ම් ලිස්ට් එකට දාගත්තා.

      Delete
  4. දෙමළ චිත්‍රපටවල වයලන්ස් වැඩියි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඇත්ත වැඩියි

      Delete
    2. දෙමළුගේ ගති ස්වභාවය ඒකෙන්ම පේනවා.

      Delete
  5. චිත්‍රපටයක් නරඹන්න වෙලාව ලැබෙන්නේ අඩුවෙන්...ඒත් මේ වගේ සටහන් නිසා හොඳයි කියල චිත්‍රපට නරඹන්න වෙලාවක් හොයාගන්නවා...බොහොම ස්තුතියි උඩුවා සටහනට...

    ReplyDelete
  6. උබ අන්තිමට කියලා තියන පිල්ම් එක බැලුවා ..
    බොක්සින් කතාව බලන්න ක්‍රමයක් කියපන්

    ReplyDelete
    Replies
    1. ඊළඟ සටහනේදි ලින්ක් එක දාන්නං

      Delete
  7. උඹේ දෙමළ චිත්‍රපටි විස්තර පට්ට.. හැමදාම කියෙව්වම බලන්න හිතාගන්නව

    තාම බැරි උනා හැබැයි.. මේකත් බලන්න හිතා ගත්තා ඕං..

    ReplyDelete