මම කළින් කිව්ව උතුරේ බරපතල යුධ අපරාද වෙලා තියෙන බව මම පෞද්ගලිකව අහල තියෙන කතා වලින් දන්නව කියල. කිලෝමීටර් දාස් ගණන් ගෙවාගෙන ජිනීව යන්න ඕන නෑ කිලෝමීටර් දෙසීයක් උතුරට ගියොත් ඕනතරම් මේ කතා අහන්න පුළුවන් කියල මම කිව්ව. හැබැයි මම ඒකෙන් කිව්වෙ ජාත්‍යන්තරේ මැදිහත් නොවී සිංහල අධිකරණයකින් යුධ අපරාධ ගැන හොයන්න පුළුවන් කියල නෙවෙයි.
Saturday, July 30, 2016
උතුරේ ජවිපෙ හඩ
මම කළින් කිව්ව උතුරේ බරපතල යුධ අපරාද වෙලා තියෙන බව මම පෞද්ගලිකව අහල තියෙන කතා වලින් දන්නව කියල. කිලෝමීටර් දාස් ගණන් ගෙවාගෙන ජිනීව යන්න ඕන නෑ කිලෝමීටර් දෙසීයක් උතුරට ගියොත් ඕනතරම් මේ කතා අහන්න පුළුවන් කියල මම කිව්ව. හැබැයි මම ඒකෙන් කිව්වෙ ජාත්‍යන්තරේ මැදිහත් නොවී සිංහල අධිකරණයකින් යුධ අපරාධ ගැන හොයන්න පුළුවන් කියල නෙවෙයි.
විජය පුවත්පත් සහ වික්‍රමසිංහ මාධ්‍ය තියරිය
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ආයෙමත් මාධ්‍ය ආයතන කිහිපයක් නම් කරමින් තමන්ගේ තර්ජනාංගුලිය ඔසවලා තිබුණා. ඔහු කීවේ මොකක්ද? ඩේලි මිරර් කර්තෘවරයා හැමදාම හිටියේ මහින්ද රාජපක්ෂගේ මේසයේ බවත් ජාතික සමඟිය නැතිවන වාර්තා පලකරපු බවත් ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත ආර්ථිකය කඩාකප්පල් කරන විදියේ ලිපි පලකරපු බවත්. ඒ අයට පාඩමක් උගන්වන්න කටයුතු කරනවා කියලා අගමැති කියලා තියෙනවා. මේක ඉස්සර කියපු කතාවක් නැවත මතුවීමක්.
Sunday, July 24, 2016
සයිටම් ආරවුලෙන් මට හිතෙන්නෙ මෙහෙම
නිදහස් අධ්‍යාපනය කියන්නේ හැමෝටම අධ්‍යාපනයේ සමාන අවස්ථා ලැබිය යුතු වීම මිසක් අධ්‍යාපනය රජය හරහා දීම කියන එක නෙවෙයි. හැමෝම මේ දෙක පටලවගෙන තියෙන්නේ. ලංකාවේ විප්ලවකාරයො නිදහස් අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනයටයි ජනප්‍රිය පාසැල් සංකල්පයටයි විතරක් සීමා කර තිබීම ගැටලුවක්.
Monday, July 18, 2016
දෙමළ සිංහල සංහිඳියාවයි මාධ්‍යයි.........
ඔය සිදුවීම වෙන වෙලාවෙ මම හිටියෙ කන්කසන්තුරේ. එහේ හමුදා නිලධාරීන් අවතැන්වූ දෙමල ජනතාවට නිවාස ඉදිකරනවා. අපි එක්ක කතා කරපු හමුදා නිලධාරියෙක් කී කතාවක් වටිනවා... "අවුරුදු විස්සකට කලින් ඉහල අණින් අපි මේ ගෙවල් කුඩුපට්ටම් කළා... දැන් අපිම ඒ ගෙවල් ආයෙ හදනවා."
ඔවුන්ගෙ ඒ කතාව එක්ක මට හිතුණේ ආයෙමත් හමුදාවට මේ තැන්වල ගෙවල් කුඩු කරලා තව අවුරුදු විස්සකින් ආයෙමත් ගෙවල් හදන්න වේවිද කියලා...
කට්ට කන්නේ ගම්වලින් හමුදාවට බැඳුන සිංහල තරුණයන් සහ දෙමළ තරුණයන්.
Thursday, July 07, 2016
ෂැඩෝ බොක්සින් ගහපු මහින්ද ෂැඩෝ අගමැති වීම
අවුරුදු දෙකකට කලින් මහින්ද කිව්වේ තමන්ට විරුද්ධව ඉදිරිපත් වෙන්න කවුරුවත් නැහැ කියලා. පොදු අපේක්ෂකයා කෝ කියලා අහපු එයා ලොකු ආතල් එකකින් යුතුව කීවේ එයාට ෂැඩෝ බොක්ෂින් ගහන්න සිද්ධ වෙන බවයි. එදා බලවත්ම ඇමතිධූර කිහිපයක් තමා සතුව තියාගෙන ජනාධිපතිධූරයත් එක්ක තේජසින් යුතුව ෂැඩෝ බොක්ෂින් ගහපු මහින්ද ෂැඩෝ කැබිනෙට් එකක අගමැති වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඉන්නවා.
එදා සුමනදාසගෙ නැකතට මහින්ද දේශප්‍රියගේ පස්සපැත්තෙන් නාමයෝජනා දුන්නු මහින්ද පස්සටම ගිහින් තියෙන තරම ඒකෙන් තේරෙනව.
එදා සුමනදාසගෙ නැකතට මහින්ද දේශප්‍රියගේ පස්සපැත්තෙන් නාමයෝජනා දුන්නු මහින්ද පස්සටම ගිහින් තියෙන තරම ඒකෙන් තේරෙනව.
Tuesday, July 05, 2016
බදුල්ලට රාජපක්ෂලා එද්දී
බදුල්ල කියන්නේ යූඇන්පී බඹරෙ කැරකෙන් වැල්ලක්. අපි අයිති වෙන හාලිඇල ආසනෙත් ඒ ජාතියෙ තමයි. හැබැයි හාලිඇලේ සුළුතර ජනවර්ග වල ඡන්ද (දෙමළ මුස්ලිම්) නිසා තමයි යූඇන්පී බඹරෙ කැරකෙන්නේ. අපේ ගම් පැත්තට එද්දී දෙමළ ජාතිකයන් හිටියත් සිංහල බහුතරය ඉන්න ගම්මාන. ඉතින් සිංහල ගැමි මතවාදයක් තමයි රන් කරන්නේ. ඒකට ගැමියන්ගේ සිංහල රට දැය ගැන තියෙන කැක්කුම හේතුවුණා කියල හිතන්න එපා. අවුරුදු දහයක් තිස්සෙ ඉන්න ආණ්ඩුවට තමයි ගැමියන්ගෙ කැක්කුම යන්නෙ.
ඉතින්.......... ඒකෙ තේරුම මහින්දවාදීන් තමයි අපේ ගමේ ඉන්නේ. ගමේ පන්සල අවුරුදු පහළොවකට විස්සකට ඉස්සර යූඇන්පී වුණාට දැන් ශ්‍රී ලංකා.
මාසෙකට විතර පස්සෙ ගමේ ගියේ දවස් දෙකකට විතරයි. ගිහින් දවසෙන් ආයෙ හැරිල එන්න වුණා.
ඉතින්.......... ඒකෙ තේරුම මහින්දවාදීන් තමයි අපේ ගමේ ඉන්නේ. ගමේ පන්සල අවුරුදු පහළොවකට විස්සකට ඉස්සර යූඇන්පී වුණාට දැන් ශ්‍රී ලංකා.
මහින්ද ගමට ආපු දවසක |
Subscribe to:
Posts (Atom)