Monday, January 18, 2016

ප්‍රසිඩන්ට්!!! හරක් කන එක පිං...

පහුගිය දිනවල මෛත්‍රීගේ සදාචාරවාදී කතා සහ සිද්ධි ගොඩක් මාධ්‍ය වලින් ප්‍රචාරය විය.

කුප්‍රකට බ්‍රා මඩුවලිඟ කතාව, සිංදුවේ ජෝක් එක, පදවි ප්‍රාප්ති උළෙල, සහ රට හරක් කතාව ඊට උදාහරණ ලෙස දිය හැකිය. ක්ෂණික ප්‍රතිචාර නිසා හිට් වුණ මේ සිදුවීම් කිහිපයට අමතරව මෛත්‍රීගේ සදාචාරවාදී කතා බොහොමයක් කියැවුණේ ය.
මෙය සාමාන්‍ය තත්වයක් හරි විහිළුවක් හරි විදියට දකින්නට පුලුවන් ය. එහෙත් මෙය ඊට වඩා ගැඹුරින් තේරුම් ගත යුතුය. මීට කලින් මම පොළොන්නරු මොඩ්ල් ජාතිවාදය ගැන කීවේ ඒ නිසා ය.




මට අනුව නං මේ ලංකාවේ හරක් බේරාගන්න කතාව සිංහල බෞද්ධ මූලධර්මවාදයේ කුහක බව පෙන්වන හොඳම සංකේතයකි... ( සිංහල ජාතිය බේරගන්න අනිත් උන්ව මරපල්ලා.. සමූලඝාතනය කරපල්ලා... ගිනිතියපල්ලා.. මෙහේ හරක් බේරන්න වෙන රටවල් වල හරක් මරපල්ලා ) මෛත්‍රී එක්ක කෝන්තරයක් තියෙන නිසා සිංහල ජාතිවාදීන් මොනවා කියනු ඇතිදැයි හිතාගන්නට බැරි වුණත් මහින්දගේ කාලේ මහින්ද මේක කිව්වානං (එයා මේ වගේ කතාවක් කියන්න ගොඩක් ඉඩ තියෙනවා ) මේ ජාතිවාදී සෙට් එක සාධුකාර දෙනු ඇත.

ජනාධිපතිවරයාගේ මේ කතා නිකන් එන ඒවා නොවේ.... මේවා ඔහු ළං කරගෙන සිටින උපදේශකයන්ගෙන් එන ඒවාය. අලුතින් ළං කරගත් මා දන්නා ජරාම මහින්දවාදියෙකු වූ ලලිත් ද සිල්වා නම් උපදේශකයා පහුගිය දවසක මෛත්‍රීව අන්නා හසාරේගේ ගාන්ධි මැන්ඩෙලා සිට ලෙනින් දක්වා අහුවෙන හැම දේශපාලන විශිෂ්ඨයෙකුගේ නමක්ම අල්ලාගෙන ඒවාට සමාන කොට ලිපියක් ලියා තිබුණි.. 

ලලිත් ද සිල්වා

මෛත්‍රී පහුගිය දවසක කියා තිබුණාක් මෙන් ඔහුගේ දැන් රට හැදීමටත් වඩා පළවෙනි ටාගට් එක බව පෙනෙන්නේ විධායක ක්‍රමය අහෝසි වුණු පසු මීළඟ අගමැති වීමය. එයට රනිල්ව අභිබවා යා යුතුය.. රනිල්ට වඩා ඉස්සරහට එන්නට නම් සිංහල බෞද්ධයන්ගේ ආකර්ශනය දිනාගත යුතු බව ලොක්කාට උපදෙස් ලැබෙමින් තියෙන බව පෙනෙන්නේ ය. ‍(මෙතැනදී රනිලුත් අහිංසක නෑ. මිනිහත් ගේම ගහන්නේ මෛත්‍රීව පහුකරලා ශ්‍රිලනිප දියකරලා ඊළඟ ඡන්දෙන් ගොඩ යන්න.. එහෙම වෙන්න නම් තව සෑහෙන කාලයක් යනකන් මහින්ද ශක්තිමත් විදියට පණපිටින් තියාගන්න වෙනවා.. රට ගොඩදාන එක දෙවැනි වැඩේ. )

මේ පිටිපස්සේ සැලසුම් ඔළුවේ තියාගෙනම අපි මෛත්‍රීගෙන් මේ උපදින ගෝත්‍රිකවාදී සදාචාරවාදී කතා වළට පිළිතුරු දිය යුතුය. මෙය කසුන් ප්‍රනාන්දු දැක තිබුණේ මෛත්‍රීට උඩුරැවුලක් වැවීගෙන එමින් තියෙන බවයි.

පුරවැසියාගේ පෞද්ගලිකත්වය ගැන තීරණ ගැනීමට ජනාධිපතිට කොහෙත්ම අයිතියක් නැත.. මෙය අයිවන් මේ සතියේ කොලම් එකේ ලියා තිබුනේ ය. // මත්පැන් නොබොන පාලකයකුට මත්පැන් බීමෙන් වැළකී සිටින ලෙසට මහජනයාට බල කළ නොහැකිය. තෝරා ගත් ආගමකට සීමාවී සිටින පාලකයකුට ඒ ආගම වැළඳ ගන්නා ලෙස මහජනයාට බල කළ නොහැකිය. බ‍්‍රහ්මචර්යාවේ යෙදෙන පාලකයකුට කාමයෙන් වැළකී සිටින ලෙසට මහජනයාට බල කළ නොහැකිය. තමන් අඳින ඇඳුම අඳින ලෙස මහජනයාට බල කළ නොහැකිය. සංගීත සංදර්ශනවලට කැමති නැති පාලකයකුට සංගීත සංදර්ශනවලට යෑමෙන් වැළකී සිටින ලෙසට මහජනයාට බල කළ නොහැකිය. ක‍්‍රීඩාවට කැමති නැති පාලකයකුට ක‍්‍රීඩාවෙන් වැළකී සිටින ලෙස මහජනයාට බල කළ නොහැකිය. එවැනි කාරණාවලදී තමන් තෝරාගත යුතු කුමක්ද, තෝරා නොගත යුතු කුමක්ද යන්න තීන්දු කිරීමේ බලය ඇත්තේ පාලකයාට හෝ ආණ්ඩුවට නොව තනි පුද්ගලයන්ටය. //
ඉතිරි ටික කියවන්න මෙතැනින්..

ඒවාගේම මෛත්‍රීලා සංස්කෘතිය කියා හිතාගෙන ඉන්නා දෙයද වෙනස් විය යුතුය. මේ ගැන සරත් විජේසූරිය මහතා ලියා තිබුණි.

// කවර පුද්ගලයෙකුගේ හෝ බාහිර හැසිරීමෙන් හෝ ඇඳුමෙන් පැළඳුමෙන් හෝ ඔහු සදාචාර සම්පන්න ද නැද්ද යන්න නිගමනය කළ නොහැකිය. හොරකම් නොකරන්නේ නම්, ස්තී‍්‍ර දූෂණ නොකරන්නේ නම්, කාන්තාවන්ට හිංසා නොකරන්නේ නම්, ළමා අපචාර සිදු නොකරන්නේ නම්, නීතිය අවභාවිත නොකරන්නේ නම් ඔහු හෝ ඇය යහපත් සංස්කෘතික ජීවිතයක් ගතකරන්නෙකි. සදාචාරය යන්න නිර්ණය කළ යුත්තේ එවැනි මිනුම්දඬුවලිනි. සදාචාරය යන වචනය සමඟින් ලිංගිකත්වය යන වචනය සම්බන්ධ කර ගැනීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. බොහෝ විට සදාචාර සම්පන්න බව තීන්දු කිරීමට ද හේතු කාරණාවක් කර ගන්නේ මේ සාධකයයි.//
ඉතිරි ටික කියවන්න මෙතැනින්...

ඊළඟට මස්කෑම හා විශේෂයෙන් ගවමස් කෑම ගැනයි. ( බීම ගැන වෙනම ලියන්න වෙයි )
ගවමස් කෑම හෙනම පාපී ක්‍රියාව ලෙසත් වෙනත් මස්කෑම ඊට වඩා වරදින් අඩු දෙයක් බවත් මස් නොකා සිරීම හොඳම දේ බවත් පින්පව් සංකල්පය අනුව අපි කියන්නෙමු.... සතුන්ගේ මස් කෑම පව් යැයි කෙනෙක්ට කිව හැකිය. එහෙත් එය පිළිගන්නා ලෙස බල කරන්නට කාටවත් බැරිය. විශේෂයෙන් රාජ්‍ය නායකයාට බැරිය.
මේ කාරණාව ගැන ආරියසේන යූ ගමගේ වැදගත් ලිපියක් ලියා තිබුනේ ය. //දියුණු ළමා පරපුරක් ගැන සිතනවා නම් ඔවුනට මස්, මාළු, කිරි, බිත්තර, බටර් සහ චීස් ලබා දියයුතුයැ’යි අපි නැවතත් අවධාරණය කරමු. අවිහිංසාවාදින්ගේ නිර්මාංශ උගුලට හසුවී ලංකාවේ දරු පරපුර මන්දපෝෂණයට සහ මන්දබුද්ධිකතාවට පත්නොකරන ලෙස අපි ඉල්ලා සිටිමු.// ඒ ලිපියේ ඉතිරි කොටස මෙතැනින්
//සිංහල බෞද්ධ අපි නිර්මාංශ වෙමු කියූ ගමන් අපි අනික් ජාතීන්ට වඩා පිටුපසට යනවා පෝෂණය පැත්තෙන්. මෙහෙම මේක දිගටම ගියොත් අපේ දරුවන්ගේ බුද්ධි වර්ධනය අනෙක් ජාතීන්ට සාපේක්ෂව පහළට යාවි. මුස්ලිම් දරුවන්, කතෝලික දරුවන් විශ්වවිද්‍යාලවලට වැඩිපුර ඇතුළු වෙනකොට අපිට ආයෙත් පිකට් කරන්න වෙයි මෙතන හොරයක් තියෙනවාය කියලා. මම බෞද්ධ ධර්මය ගැන ලොකු බුද්ධිමතෙක් නොවෙයි, හැබැයි ප‍්‍රාණඝාත අකුසලය ගැන හිතුවොත් අපිට ගහක්වත් කපන්න වෙන්නේ නැහැ. පණු බෙහෙත් පෙත්තක්වත් බොන්න බැහැ. ඒ නිසා හැම දෙයක්ම ගැනම අපි විවෘතව කල්පනා කළ යුතුයි කියලායි මම නම් හිතන්නේ. පටු ජාතිවාදී සීමාවල හිරනොවී. // ඒ ලිපියේ ඉතිරි ටික මෙතැනින්

මට තේරෙන විදියට හරකාගේ කිසිම ස්පෙෂල් එකක් නැත. පොදුවේ සතුන්ගේ මස් කෑම ගැන විරෝධයක් හැදීම වෙනම කතාවකි. නැත්නං මං කියන්නේ වැඩියෙන්ම පට් කූනිස්සන් හාල්මැස්සන් කෑමය. එක කෑම පිඟානකට ජීවිත කීයක්ද? හරක් ගත්තම එක ජීවිතයකින් කෑම පිඟන් ගොඩක් ගොඩය... ඒ කියන්නේ හාල්මැස්සන්ගේ ජීවිතත් බේරන්නට හරක් කෑම සාපේක්ෂව පින් බවයි... 

ජනාධිපතිවරයා හාල්මැස්සන් කන එක වළක්වන්නට වැඩපිළිවෙලක් යෙදුවොත් හොඳය... 

36 comments:

  1. මට ඔබ තුමාගෙන් දැනගන්න පුළුවන්ද කූනිස්සෝ කන එක පව්ද කොහොමද කියලා....

    ජනාධිපති තුමා අපේ නිදන කාමරේ රෙන දවසත් වැඩි ඈතක නෑ...

    ReplyDelete
    Replies
    1. සිංහල බෞද්ධයෝ රෙන්නේ කහපාටට කියල අපි රෙන එකේ පාට චෙක් කරන්න පනතක් ගේන්න ඉඩ තියෙනව..

      Delete
  2. හුටන් කන්නේ නැතුවාට අපිට ප්‍රශ්නයක් නැත.. අපේ මස් කෑමේ අයිතියට අත නොතබනු!

    ස්‍රී ලන්කාවේ ගව මස් සහ ඌරු මස් කෑම ප්‍රවර්දනය වෙනුවෙන් ස ර ස තුමා පෙනී සිටී.

    ReplyDelete
    Replies
    1. කෝ චිකන්........????

      Delete
    2. මස් කෑමේ අයිතිය උදෙසා ව්‍යාපාරය

      Delete
    3. මස් කෑමේ අයිතිය උදෙසා ව්‍යාපාරය

      Delete
    4. පිටරට ඉන්නා ඔහේලට තේරෙන්නේ නැතිය.... හරියට හරක් මස් ටිකක්, ඌරු මස් ටිකක් කන්න හොයාගන්න තියෙනා අමාරුව.... බොහෝ කෑම කඩ වල මස් කියා විකුනන්නේ චිකන් පමනය. ඌරු මස් හෝ හරක් මස් කෑමට චීන ආපන ශාලා වලට ගොස් බාගෙට චීන විදියට තැනූ මස් කන්න සිදු වෙයි...

      අපි අලුත් ලන්කාවක් හදමු... ඌරු මස් සහ හරක් මස් සුලබ කරමු.... කුකුලන් ට අබය දානය දෙමු...දානයට කුකුලන් දීම නවතා ඌරන් දන් දෙමු!

      Delete
    5. හරක් මස් කන්න හොඳ නැහැ. කොලෙස්ටරෝල් එනම් මනම් ඔක්කොම වැඩි වෙනවා. මම නම් කනවා ඉතින්.

      Delete
    6. මං කියන්නෙත් සා රස ගෙ පොයින්ට් එක මතු කළ යුතුයි.

      කුකුල් මස් කියල මීට කාලෙකට කලින් අපට ගම් කුකුල් මස් කන්න හැකියාව තිබුණා. බිත්තර උනත් තිබුණෙ වැඩිපුර ගම් කුකුල් බිත්තර. දැන් තියෙන්නෙ දවස් හතළිස් පහේ කුකුල් මස් සහ ෆාම් බිත්තර. එව්ව කන පවුල් වල ගෑල්ලමයි බොහොම අඩු වයසෙං වැඩිවිය පත් වෙනව. ඒ වගේම බැරල් ෂේ්ප් වෙනව. ඉස්සර මගුල් ගෙදරකට ඌරෙක් හරි ඌරෙක්ගෙ බාගයක් හරි ගේනව. දැං ඌරුමස් හරි හරක් මස් හරි ගන්න එක ටවුමකට තියෙන්නෙ එක මස් කඩයයි. හැම හෝටලේකම වගේ තියෙන්නෙ චිකන් කෑම...

      ඩිස්ක්ලේමර් - අපේ ඩොක්ටර් මාම නං කියන්නෙ මස් මාළු කරවල ආදිය නොකන තරමට ඇඟට හොඳයි, ඒ වගේම මානසික සෞඛ්‍යයට හොඳයි කියලයි...

      Delete
  3. මේක නම් මහා පිස්සුම පිස්සු කටහ්වක් තමයි. හරියට පිටරට හරක් මැරුවම පව් නැහැ වගේ. මෙයට උපදෙස් එවුන් නම් රජ ගොන්නු ටිකක්.

    ReplyDelete
  4. මේවා මේ මනුස්සයා හිතලා කියනවද, නැත්නම් කාගේ හරි ඕන කමට කියන ඒවද මන්දා. කිවුවොත් කියන්නේ මෙලෝ තේරුමක් නැති දෙයක්.

    ReplyDelete
    Replies
    1. කාගේ ඕනකමට කිව්වත් පොඩි බබෙක් නෙවෙයිනේ

      Delete
  5. ටැක්ස් නැතුව ඉම්ෙපා්රටඩ් බීෆ්, හුරේ හිටං තුමාට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. මස් සමාගමක් එක්ක ඩීල් එකක්ද දන්නෙ නැ

      Delete
    2. එහෙම ගේමක් කලින් තිබුනා....

      Delete
  6. මෙහෙම පව්කාරයෝ ටිකක. ලංකාවේ හරක් මැරුනොත් වැඩිපුර පව් සිද්ධ වෙනවා කියා දන්නේ නැත්ද.
    http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya

    ReplyDelete
    Replies
    1. ඒක හැබෑව.... ධර්මද්වීපයේ හරක්

      Delete
  7. මෙහෙමයි.
    ලංකාවේ නාටු හරකුන්ට වඩා ඕස්ටේ‍ර්ලියාවේ, නවසීලන්තයේ හරකුන් පුෂ්ථිමත්. එනිසා, ලංකාවේ හරක් දෙන්නෙක් මරන වෙලේ ඕස්ටේ‍ර්ලියාවේ, නවසීලන්තයේ එක හරකයි මරන්න වෙන්නේ. ලෝකයේ මැරෙන හරක් ගාන අඩු වෙනවා.

    ඊලඟට පිටරටින් මරලා, අධිශීතකරන නැව්වල දාගෙ ලංකාවට ගෙන්න යන වියදම එකතු වුනාම හරක් මස් මිළ වෙළඳ පොලේ ඉතා ඉහල යනවා. එතකොට ඉල්ලුම අඩුවෙනවා. හරක් මැරෙන එක තවත් අඩු වෙනවා.

    හරක් හැඳීම අඩුවෙන නිසා, හරක් පඩවලින් එන කාබන් ඩයොක්සයිඩ් නිසා සිදුවෙන පරිසර විනාශය අඩු වෙනවා.

    කොහෙමද ටිකිරි මොලේ!

    ReplyDelete
    Replies
    1. අපට තුන්කල් පෙණුනේ නෑනෙ...
      හොඳ වෙලාවට අපට ඉන්නවා තුන්කල් දකින නායකයෙක්

      Delete
    2. දැන් ඔතන අර රටබීම-කසිප්පු සම්බන්ධය එක්ක බැලුවොත්, හරක් මස් මිල ඉහල යාම නිසා වෙන වෙන ලෝකල් සත්තු මස් කරන්න තියන ඉඩ වැඩියි. කවුද අපිට ඉන්න හොඳම ලෝකල් සතා මස් කරන්න?

      Delete
    3. /හරක් පඩවලින් එන කාබන් ඩයොක්සයිඩ් නිසා සිදුවෙන පරිසර විනාශය අඩු වෙනවා./

      CO2 නොවේ මීතේන්.

      Delete
    4. /අධිශීතකරන නැව්වල දාගෙ ලංකාවට ගෙන්න යන වියදම එකතු වුනාම හරක් මස් මිළ වෙළඳ පොලේ ඉතා ඉහල යනවා/

      මේ වියදම් ලංකාවේ නිශ්පාදනයට සහ ප්‍ර‍වාහනයට වැය වෙන මුදලට වඩා සාපේක්ෂව අඩු වෙන්න පුළුවන්. ලංකාවේ දි හරක් ප්‍ර‍වාහනයට පසු වෛද්‍ය නිර්දේශ අවශ්‍යයි එයාලටයි පොලිසියටයි දෙගොල්ලොටම ගෙවන්න වෙනවා, හොරෙන් වැඩේ කරන්න ගිහින් අහුවුනොත් වාහනය බේරාගන්න සෑහෙන්න ගෙවන්න වෙනවා. හරක් මරන මඩු සඳහා වර්ග දෙකේම ගාස්තු ගෙවන්න ඕන, මස් කඩ වලිනුත් පොලීසියටත් පොලිටික්කන්ටත් කොටස යවන්නෝන.

      Delete
    5. මටනං හිතෙන්නෙ මේක බටහිර කුමන්ත්‍රණයක්.... හරක් මස් හරහා අයිඑස් එන්න ඉඩ තියෙනවා

      Delete
    6. මුලින්ම මරන්න හොඳම ලෝකල් සත්තු දෙන්නයි (තව ගොඩාආආආආක් ඇත. උන් optional)නො.1 මහ එකා. නො.2 හත්පොලේ රිරී ඇවිදින නානසාරය ( මූ නො.1 ද මන්ද..)

      Delete
  8. ගව ඝාතනයට එරෙහි අය කළ යුත්තේ තණ පිට්ටනි සුලබ කර ධර්මද්වීපය ගවයන්ට පූජා කිරීමයි. නැත්නම් උපදින ගව යන්ට ඉන්න තැනක් නැතිවනු ඇත.කර්මාන්තශාලා ,පාසල් ,මහාමාර්ග වැනි නිශ්ඵල දේ ඉදිකරන භූමිවල තන බිම් සකස් කල හැක.එවිට නිර්මාංශ දේශනා පවත්වා අඩා දොඩා වැලපෙන අය ගවයන් ගැන ගී ගයනු ඇත.

    ReplyDelete
    Replies
    1. අඩු වැය සත්ව ප්‍රේමයක් වෙන්න ඕන

      Delete

  9. my3ට පින් සිද්ද වෙන්න ගොඩක් දේවල් දැන ගත්තා යකෝ ඒ මනුස්සයට බනින්න එපා..හැක්

    ReplyDelete
    Replies
    1. නොකියවුනු දේ;

      ලංකාවේ මස් සඳහා විශෙෂයෙන් ගවයන් ඇති කිරීමක් නැත, මස් සඳහා ඝාතනය කරන්නේ ආර්ථික වශයෙන් පලදායක නොවන ගවයන්ය. ඒ නොවැඩුනු ගොන් වස්සන්, නාකි කිරි දෙනුන්, කිරි බුරුලේ ආසාදාන නිසා කිරි නිෂ්පාදනයට නොසුසුසු කිරි දෙනුන් සහ නාකි මී හරකුන්ය.

      Delete
  10. හරක් මස් නොකන එක තනිකර හින්දු ආගමෙන් ආපු දෙයක්, බුද්දාගමේ හරකා ගැන විසේසයක් කරලා නැ.

    ReplyDelete
    Replies
    1. මේකට උත්තරයක් සුමති දීලා තිබුණා මගේ ෆෙස්බුක් අකවුන්ට් එකේ

      Delete
    2. බුද්ධ දේශනාවල සඳහන් වෙලා තියෙනවා කන්න එපා කියල උපදෙස් දීපු මස් ජාති 9ක්. ( උපදෙස් දීලා මිසක් 'තහනම්' කරලා නැහැ) ඒකට හරක්මස් ඇතුලත්

      Delete
  11. අපනයන කරන්න තරම් මෙච්චර හරක් ඉන්න රටේ පිටරටින් හරක් මස් ආනයනය කරන්නේ මොකටද,මේ ඩොලර් එකත් නැගලා තියෙන වෙලාවේ.
    ගිය ආණ්ඩුවේ ජෝකර් මර්වින්.මහින්ද චණ්ඩියා.දැන් ආණ්ඩුව වෙනස් වෙලා.මෛත්‍රී ජෝකර් වෙලා හැබැයි චණ්ඩියා එහෙම්මයි.

    ReplyDelete
  12. උඩුවා ඇතුළු මෙහි කොමෙන්ට් දමා ඇති මහත්තුරුන් වෙත,

    මේක කියල හැමෝගෙන්ම බැනුම් අහන්න වෙයි නමුත් මේ මගේ අදහසයි.

    අතිගරු ජනාධිපති තුමා සදහන් කරලා තියෙන්නේ ගව ගාතනය පිලිබදව, නැතුව ගවමස් කෑම ගැන නෙවෙයි නේද?
    රටේ බහුතර ජනතාව බෞද්ධ නම් ඔවුන් ගව නෙමෙයි මොනම ගාතනයක් වත් නතර කරනවානම් සතුටු වියයුතුයි.

    ජනාධිපති තුමා කියල නෑ ගවමස් කන්න එපා කියල එහෙමෙ කියල තියනවනම් කරුනාකර පෙන්වාදෙන්න?


    //හැබැයි ප‍්‍රාණඝාත අකුසලය ගැන හිතුවොත් අපිට ගහක්වත් කපන්න වෙන්නේ නැහැ// මුලින්ම ප‍්‍රාණඝාතය විස්තර කර ඇති බලමු

    01. පණ ඇති සතෙකු වීමය.

    02. පණ ඇති සතෙකු බව දැන ගැනීමය.

    03. මරණය සිදු කිරීමට කැමැති සිත.

    04. මරන්නට උපක්‍රම යෙදීම.

    05. එම උපක්‍රමය හේතුවෙන් මරණය සිදුවීමය.

    ඉහත කරුණු සියල්ලම සම්පුර්ණ නොවී ප‍්‍රාණඝාත අකුසලය සිදු නොවේ.

    මෙනිසා දහමේ කියල ඇති දේ බැලිය යුතුයි.

    බුදුදහමට අනුව මස් කෑම අකුසලයක් නෙමෙයි.

    දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මස් කෑම නිසා සතුන් මැරෙනවා නේද කියල එසේ සිතා ඔබ එළවලු පාවිච්චි කරනවා, සිදුවෙන්නේ කුමක්ද ?
    එළවලු පාවිච්චිය වැඩි වීමයි මේ නිසා වැඩි වැඩියෙන් වගා කලයුතුයි, දැන් සිදුවන්නේ මේ වගාවට කෘමි නාශක දැමීමයි මෙනිසා විශාල පරමානයක් අහිංසක සතුන් මැරෙන නිසා, එළවලු කෑම නිසා මස්කෑමට වැඩි ජීවින් ප්‍රමාණයක් මැරෙයි.

    මෙනිසා කෙනෙකුට සිදුවන්නේ ලෝක සත්වයා වෙනුවෙන් ආහාර නොගෙන සිටීමයි. බුදුදහම අන්තවාදී දහමක් නොවන අතර ජීවිතය පැවැත්විය හැකි ආකාරය පෙන්වා දී ඇති ජිවන මාර්ගයකි.

    මේ අනුව ඔබ නුවනින් බැලුවොත් ඔබට කලහැක්කේ රුජුවම සත්වයකුගේ මරණයට හේතු නොවන ලෙස ජිවත් වීමයි මෙනිසා

    බුදු දහමේ අනුමත ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය පහත විස්තරයෙන් දැනගත හැක. මතක තියාගන්න මෙය භික්ෂුන්ට වදාල විනය නීතියක් බව.


    තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
    තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
    තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං)

    මස් මාළු වැළඳීම පිළිබඳ බෞද්ධ ආකල්පය මනාව හෙළිකරන සූත්‍රයකි සුත්ත නිපාතයේ ආමගන්ධ සූත්‍රය. ආමගන්ධ නම් වූ බ්‍රාහ්මණයා හිමාලයේ වෙසෙමින් වරින් වර ලුණු ඇඹුල් සෙවීමට ගමට වැඩියා වූ මස් මාළු ආහාරයට ගැනීමෙන් වැළකී සිටි කෙනෙකි. ඔහු වර්ෂයකට වතාවක් පැමිණෙන ගමක් තිබුණි. ඒ ගමේ වැසියෝ ඔහුට නීති ගෞරවයෙන් පිදීහ. වරක් බුදුන් වහන්සේ මහා සංඝයා සමග වැඩම කොට මේ ගමෙහි ජනයාට ධර්‍මය දේෂනා කිරීමෙන් බොහෝ දෙනෙක් තෙරුවන් සරණ ගිය අතර ඇතමෙක් මාර්‍ග ඵල ද ලැබුහ. මේ අතර සුපුරුදු ලෙසට ආමගන්ධ බමුණා මෙම ගමට පැමිණියත්, වෙනදා මෙන් එතුමාට ගරු සැලකිලි නො ලැබුණි. ඒ ගැන විමසීමේ දී බුදුන් වහන්සේ මේ ගමට වැඩම කොට ත්ත්වය වෙනසකට පත් වූ බව බමුණාට පැහැදිලි වීය. මස් මාංසවලට ආමගන්ධය හෙවත් කුණු මාළු යන වචනය ව්‍යවහාර වීය. බුදුරදුන් හා භික්ෂූන් මස් මාංසයෙන් වැළකී නො සිටින පිරිසක් බැවි දැනගන්ත් ඔහුට, මොවුන් ආමගන්ධයෙන් වැළකී සිටින්නේ කෙසේ දැ යි ය ප්‍රශ්නය වීය.

    මේ පිළිබඳ විමසීමට ආමගන්ධ බමුණා තම ගෝල පිරිසත් සම්ග බුදුරදුන් හමුවට ගොස් බුදුරදුන් ආමගන්ධයෙන් වැළකී සිටිත් දැ යි විමසුවේ ය. එවිට බුදුන් වහන්සේ තමා ආමගන්ධයෙන් ( කුණු මාළු කෑමෙන් ) වැළකී සිටිමි යයි, පිළිතුරු දුන්හ. පෙර කස්සප බුදුරදුන්ගෙන් ද මෙම ප්‍රශ්නය ඇසූ බවත් ඒ පිළිබඳ ව කාශ්‍යප බුදුරදුන් ද මෙම පිළිතුර ම දුන් බවත් බුදුන් වහන්සේ බමුණාට පැවසූහ. බ්‍රාහ්මණය, ආමගන්ධය යනු දුස්සීලයෙකුව සිටිමින් සිල්වත්කම පෙන්වා බොරුවෙන් ජීවත්වීම යයි, ද මිත්‍යා දෘෂ්ටියෙන් හා කෙලෙස් බරින් යුතුව කුරිරුකමින් හා සොරකමෙන්, වංචාවෙන් ජීවත්වීම බවත්, එසේ නැති ව මස් මාළු වර්ජනය කොට, නිර්මාංසීව ආහාර ගැනීමෙන් ජීවත්වීම නො වන බව ද දීර්ඝ ලෙස පැහැදිලි කළහ. චතුරාර්‍ය්‍ය සත්‍යය පසක් කොට කෙළෙස් රහිත ව ජීවත්වීම සැබෑ ආමගන්ධයෙන් ( කුණු මාළු කෑමෙන් ) තොර ව දැහැමෙන් ජීවත්වීම බව මෙම සූත්‍රය මනා පිළිතුරක් ලබා දෙයි.

    ReplyDelete